Tuesday, June 22, 2010

මොකක්ද **** (නරක වචනයක් ) පන්තිය ???

Share


ඉබ්බ ගේ ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් බ්ලොග්එක කියවද්දි ස්කෝලෙ කාලේ මැවිලා පේනවා. ඒ කාලේ ගැන නම් ඉතින් මොකට කියන්නද. ජීවිතේ ලස්සනම කාලේ. අද ඉන්න ගමන් මතක් උන සිද්දියක් ලියන්න හිතුනා. පොඩි කතාවක් ඉතින්.

අපේ හසිතයට උන සිද්දියක් තමා...   දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය...කියවපු අය දන්නවා ඇතිනේ මගේ අතිජාත පිස්සු අමනුස්ස සෙට් එකේ එකෙක් තමා හසිත.

අපේ ස්කෝලෙ ප්‍රින්සිපල් වයිස් ප්‍රින්සිපල් ලා තව ගුරුවරු කීප දෙනෙක්ම තනි සුදු කිට් එක තමා ඇන්දේ. ඉතින් කොල්ලො අස්සෙ ඉන්නකොට හොයන්න අමාරුයි.

ඉතින් දවසක් ඉන්ටර්වල් එකේදි ( ම්ම්ම් මූට ගඩ්ඩ කියමුකො. ) ගඩ්ඩ කැන්ටින් එකෙන් අරන් මාලු පාන් එකක් කනවලු.. ( හසිතය කියපු සීන් එක තමා මම දන්නේ. ) දන්නවනේ ස්කෝල වල මාලු පාන්. ජීවිතේට මාලුවෙක් තියා කරවල කෑල්ලක් වත් දැකල නැහ. අනික ඉතින් ඒ කාලේ පාන් පෙත්තක් කෑවත් වට වෙනවනේ 10 ක් විතර. ඉතින් ගඩ්ඩ ත් අර මැද ටික වත් ඉක්මනට ඉවර කර ගන්න හිතන් මෙලො සිහියක් නැතුව අර මාලු පාන් එක කනවලු.



ඔය අස්සෙ හසිතය ට මොනවද ගන්න සල්ලි මදි වෙලා හදිස්සියට මූ දුවගෙන ඇවිල්ල ගඩ්ඩට තට්ටුවක් දාල...

" ඒ හු**** රුපියල් 2 ක් දියන්... "


කිව්වලු...  ගඩ්ඩත් ඉතින් අර මාලු පාන් සිහියෙන්නේ... ආපු ගැම්මටම හැරිච්ච ගමන්..

" රුපියල් 2ක් නැහ හු**** "

කිව්වලු...


ඔය අස්සේ ඉදපු කව්ද පොරක් හසිතයගෙ කනෙන් අල්ලගෙන ගඩ්ඩගෙත් කන අල්ලන ගමන්...

" මොකක්ද හු**** පන්තිය ??? "

කියල අහල... බැලින්නම් වයිස් ප්‍රින්සිපල් කෙනෙක්. වටේ හිටි උන් සින් සින් ගාල මාරු වෙලා.
කොහොම හරි ඉතින් ගැම්මට ඇහුවට සර් ටත් හිනා ලු සීන් එකට... ඒ කාලේ ඉතින් 13 නේ හිටියේ.. වැඩි අවුලක් නැතිව ශේප් වෙලා තිබ්බ.


ඔය වචනෙත් එක්ක අර මිට්ට ට උන සීන් එකකුත් මතක් උනා. මේකත් ඔය කියන වයිස් ප්‍රින්සිපල් එක්කම උන සිද්දියක්.

අපේ කැන්ටින් එක ටිකක් කන්ද උඩ වගේ තියෙන්නේ... ඒ එක්කම තමා කොමර්ස් ක්ලාස් තිබ්බෙ.
ඉතින් මිට්ට අර පල්ලෙහ ඉදන් උඩ හිටිය ( මතක විදියට කලුවට ද කොහෙද... )

" හු**** ඉක්මනට වරේන්... " 

කියල කෑගහල... මුන් දෙන්න පැනල යන්නද කොහෙද..

ඒ එක්කම පිටිපස්සෙන් මතු වෙලා වයිස් ප්‍රින්සිපල් සර්..

" මොනවද මිනිහෝ කතා කරන විදිය.. යනව මගේ ඔෆිස් එක ගාව ඉන්නව මම එනකල් "

කියලා මූව අල්ලගෙන.



දැන් ඉතින් මිට්ට ත් ඉන්නවලු ඔෆිස් එක ගාව. සෑහෙන වෙලාවක් ගිහිල්ල සර් නැහලු ඇවිත්. එතනින් යන සර් ලත්

" මොකද මෙතන ? "

" නෑ සර් මේ *** සර් ඉන්න කිව්වා "

කිව්වම නෝන්ඩි හිනාවක් දාගෙන යනවලු... කොහොම හරි ඉතින් පීරියඩ් 2ක් විතර ගියාට පස්සෙ සර් ඇවිල්ල.

මූ දිහා බලල...

" අහ් මොකද ? මෙතන " ඇහුවලු..

සාමන්යෙන් ඉතින් සර් ගාවට ඔය අත්සනක් ගන්න වගේ තමා කොල්ලො යන්නේ.. නිකන් ගිහින් ඇඳුමට එහෙම ලෙඩක් වැටුනොත්...

දැන් මූට කියන්නත් බැහනේ සීන් එක..

" සර් ම්ම් මේ සර් මට එන්න කිව්වෙ ?? "

සරුත් කොහේ හරි ගිහින් ෆුල් බ්‍රේන් වොශ් එකක් දාල ඇවිත් තියෙන්නේ..

" ම්ම් ඇයි පුතා මොකටද ?? "



" මේ සර් අර.. අර කැන්ටිම පල්ලෙහ... "

සර්ටත් මීටර් නැහලු.. මූ දිහා බලන් ඉන්නවලු..

බැරිම තැන..

" ඇයි සර් අර වචනේ ... ඒක කිව්වට නේ සර් එන්න කිව්වෙ... "

එතකොට තමා සර්ට මීටරේට වැටිලා තියෙන්නේ. සර් ටත් නෝන්ඩියනේ..

" අහ් යනව යනවා " කියලා මූව එලවලා..


තව රස කතාවක් තියෙනවා ඒක පස්සෙ... හික් හික්

27 comments:

  1. පාසල් කාලේ කියන්නෙ ජීවිතේ පට්ටම කාලේ.ඒකෙනුත් AL කාලෙ තමා හොදම.අපෙත් කැන්ටිමේ තිබ්බා මාලු පාන්.ඒවගෙ නම් මාලුත් නෑ පානුත් නෑ.නියම post එක සහෝ.තව තියෙනවනම් දාපන්.එළම කිරි.

    ReplyDelete
  2. අනිවා...ඉස්කෝලෙ කාලගත්ත ආතල් දැන් ගන්න බැරි එක තමයි දුක... :(

    ReplyDelete
  3. හපෝ මම සාමාන්‍යපෙළ කල ඉස්කෝලේ පිනා නම් උදේ ආව වෙලාවේ ඉදලා සෙන්ටිමෙන්ටල් වෙලා ඉන්නේ... කතා කලොත් ඔය හු** ඇතුලු තවත් වචන වලින් තමා කතාව..

    උසස් පෙළ කල ඉස්කෝලේ විදුහල්පතියා අදින්නේ සුදු ඇදුම.. සිහියක් නැතිව ඉන්න උන්ගේ කරට අතදාගෙන කොල්ලෙක් ව‍ගේ ෂේප් එකේ ඉදලා කොරන වැඩ අල්ලන්න මිනිහා හරි දස්සයා!

    ReplyDelete
  4. අරවින්ද :: ඔව් ඔව් තව තියෙනවා... දාන්නම් මතක් වෙන විදියට. බොහොම ස්තුතියි ආවට මේ පැත්තෙ



    කොඩී :: හික් හික් ඒව කොහේ කරන්නද බන් දැන්. එක්කො හිරේ නැත්තම් පිස්සන් කොටුවෙ තමා දැන් කලොත් හික් හික්



    ළමයා :: ගොඩාක් ස්කෝල වල සුදු තමා නේ අදින්නේ

    ReplyDelete
  5. පළාමල්ලෙ ඉතිරි වෙච්ච කතන්දර තව ඇති මයෙ හිතෙ තව ටිකක් අවුස්සල බලල දාන්නකො මේ වගේ.

    ReplyDelete
  6. ඔව් ඔව් අවුස්සන්න ඕනි... හික් හික්

    ReplyDelete
  7. pissa aiyeee.. eketh ****** godai aiyoooo..

    ReplyDelete
  8. සිරා කතාව!!! මැරෙන්න හිනා!!! මැක්සා!! මටත් ඉස්කෝලේ කාලේ පිස්සු මතක් වුනා!! හිකිස්!!

    ReplyDelete
  9. හික් හික්! මටත් ඉස්කෝලෙදි ඔය වගේම සීන් එකක් වුනා; ඒ 11 වසරෙදි. විද්‍යාව උගන්වන සර්ට තමයි මාට්ටු උනේ. හැබැයි අවුලක් වුනේ නම් නැහැ සර් අපිටම හරියන් ජාතියෙ එක්කෙනෙක් වෙච්ච නිසා.

    අපේ ඉස්කෝලෙත් හිටිය ටිකක් මිටි සර් කෙනෙක්, එයා ඇන්දෙත් සුදු පාට කලිසම්. කොල්ලන්ට එයාව මාරු වෙන කේස් එක අපිටත් උනා.

    ස්කෝල කාලෙ මතකයන් කියන්නෙ ඉතින් රත්තරං වගේ වටින දෙයක් තමයි.

    ReplyDelete
  10. අපේ ස්කොලෙත් ඉන්නවා action කොටා කියලා , මිනිහා හරිම සැරයි ,ඒ වුනත් කොටයි . මිනිහත් නිතරම ඔය සුදු කිට් එක දාලා ඉන්නේ . මම 8 වගේ ඉන්නකොට එක දවසක් අපේ ඉස්කොලේ ඈරිලා පෝලිම් වල කොරිඩෝවේ යන කොට මුත් ලමයි එක්කම ඇවිල්ලා , ටිකක් දුර ඔහොම යනකොට මගේ පිටිපස්සේ හිටියා මගේ යාලුවෙක් .මු විහිලුවට මගේ ඒ වෙලාවේ අනෙක් පැත්තට හිටපු එකාගේ ඔලුවට ගහලා අඩෝ , පො**යෝ කියලා හයියෙන් ඔලුවට ගැහුවා, ඊටපස්සේ ඒ වෙලාවේ මගේ අනෙක් පැත්තෙ හිටපු එකා මොකද යකෝ කියලා ගැහුවා අරුගේ කන පැලෙන්න . ඒ ගහපු සද්දෙට මුලු පලාතම වගේ කිස් , දෙදරුම් කෑවා කොල්ලෝ ටික එකපාරටම බිරාන්ත වුණා , මොකද යකෝ වුනේ කියලා , බැලින්නම් මෙගේ යාලුවා ගහලා තිඅන්නේ අපේ Action කොටාට , අනේ පවු ඊලඟට මුව සර් කෙනෙකුට ගැහුවා කියලා එක එක ලෙඩ දාලා විනය මණ්ඩලයට නොගිහින් බේරුණා මදැයි ~

    ReplyDelete
  11. nirahankaara ahinsakaawi : ඒවට ඉතින් දන්න කියන හොද වචනයක් දාල කියවන්න... ම්ම්ම් නිකන් ඔය සමනලයා වගේ හික් හික්



    ජංජාල චාමර : ස්කෝලෙ කාලේ වගේ කාලයක් ආයෙ එන්නේ නැහ බන්. උබට නම් යුනි එකේත් ෆන් එක සෙට් වෙයි හැබයි


    මධුරංග ප්‍රභාත් : ඔය සර්ල සුදු අදින එක නම් හරිම භයානකයි තම හික් හික්....



    හිඟන්නා : හපොයි දෙය්යනේ ඌ බේරුනා කියන එකත් ලොකු දෙයක් සර් කෙනෙක් ට ගහල.. හික් හික්.. මොනා උනත් මාරම සීන් එක වෙලා තියෙන්නේ ඌට නම් හික් හික්

    ReplyDelete
  12. ඇත්ත, ඒ කාළේ ඉස්කෝලේ නම් පුදුම සුන්දරයි. වැඩිය ටියුෂන් නෑ, ඉස්කෝලෙ ඉවර වුනගමන් දුවන්නේ නැහැ. 4 විතර වෙනකම් ඉදල තමයි යන්නේ.

    නැතත් හරිම ලස්සන කාලේ. සර්ලා ඇතිවෙන්න ගුටි දෙනවා අපිට. ඒත් කවදාවත් ගෙදර ඇවිල්ල කියල සර්ට විරුද්ධව දෙමව්පියන් උසිගන්වන්නේ නැහැ. අපි කවදාවත් සර් එක්ක වෛර බැද ගත්තෙත් නැහැ, සර් කවදාවත් අපිට වෛර කළේත් නැහැ. එක සර් කෙනෙක් හිටියා, දැන් වුනත් හම්බවුනොත් අහන්නේ, “යකෝ තොපි සර්ල බලන්න අත වන වනද එන්නේ, හොදවයින් බෝතලයකවත් අරන් එන්න දන්නැද්ද“ කියල

    අපිට ගහපු විදිහට දැන් ළමයින්ට ගැහුවොත් සර්ල උසාවි ගෙනියලා, මාර වැඩක් තමයි වෙන්නේ.

    ReplyDelete
  13. අපේ ඉස්කෝලෙ එක සර් කෙනෙක් හිටියා, මිනිහා සිගරට් බොනවා.
    දවසක් අපි ෆ්‍රී පීරියඩ් එකකදි පන්තියෙන් පැනලා ඉස්කෝලෙ කිට්ටුවම කියෙන කඩේකට ගියා සිගරට් එකක් ගහන්න. මගේ යාළුවෙක් සිගරට් එකත් අරගෙන අපිට පිටිපස්ස හරවලා එහා මේසෙ හිටපු පොරකට කතා කරලා ඒ මේසේ තිබුන ගිනි පෙට්ටිට ඉල්ලුවා, මිනිහත් ආ කියල දුන්න,

    හැරුනේ කව්ද කියලා දැක්කහම අපි නිකං අනාතයි. අපේ සර්. සර්ත් අපි නෙමේ වගේ සිගරට් එක බීල ගියා. කවදාවත් ඒක කාටවත් කිව්වේ නැහැ. හැබැයි පන්තියේ හින්ට් පාස් කරන එකනම් අමතක කළේ නැහැ

    ReplyDelete
  14. haha maxxa machan :P :P lol
    kavuda ban vice pinaa ??

    machan uba michanic kaaraya dannawa neda sudu kit eka gahala enne . uootath oya wage seen ekak wuna api OL karana kaale mathak weddi hina kaalamarenawa hahahaaa

    ReplyDelete
  15. ඔව් ඒක නම් ඇත්ත. දැන් උන්ට වෙලාවක් කොහෙද කිසි දේකට. උන් ඉගෙන ගන්නව නෙමෙයි රේස් එකක් නෙ දුවන්නේ.

    දැන් උන් දන්නවත් වැඩියි. මානව හිමිකම් කියයි අරක කියයි...

    අඩෝ ඒ සිගරට් සීන් එකේ සර් නම් ගින්දර... ගොඩක් පොරවල් කකුලුවො වගේනෙ. ඇදේට යන ගමන් කෙලින් පල කියනවනේ...

    ReplyDelete
  16. ISURU : සර් දැන් නැහ ස්කෝලෙ මම හිතන්නේ... පිට්ටනිය පල්ලෙහ ගෙවල් තියෙන්නේ... දන්නවනේ...

    ම්ම් කව්ද බන්.. ලාවට මතකයි. ඒ කාලේ ඉලෙක්ට්‍රොනික් කරෙත් සුදු ඇදපු සර් කෙනෙක් නේ. හික් හික්.

    ReplyDelete
  17. haha hari hari . apo michael kaaraya :P hafoi :P hik hik lol

    ReplyDelete
  18. හික් හික් තාම ඉන්නවද බන් ??

    ReplyDelete
  19. ඉස්කෝලේ යන කාලේ තරම් තරම් ෆන් එකක්. බුදු අම්මෝ. ආයි කතා 2 ක් නැහැ උපරිමයි.......

    ආයි යන්න ආපස්සට යන්න පුලුවන් නම් A/L Class එකේ හිටිය පාස්ල් ජීවිතේ අන්තිම අවුරුදු 2 කට යන්න පුලුවන් නම්........

    ReplyDelete
  20. ආයෙත් අහල බන්.. ඒ කාලෙ නම් කියල වැඩක් නැහ ලස්සනම කාලේ තමා.

    ReplyDelete
  21. හප්පා ඔය පොන්සියගේ වැඩ ඔහොමම තාමය් ....
    අපේ එකෙක්ට පොරගේ office එක ලග හිටගෙන ඉන්න කියල තිබුන මොකක් හරි සීන් එකකට මාට්ටු වෙලා .. (කොණ්ඩේට හරි කලිසමට)
    ඒ එක්කම පොරත් කොහෙද ගිහින් තිබුන .....
    ඊට පස්සේ period දෙකකට විතර පස්සේ පොර ඇවිත් උගෙන් ඇහුවලු
    "මොකද ඔය ළමය මෙතන කරන්නේ යනවා පන්තියට" කියල ...
    අපේ එකත් සින් ගාල මාරු උනාලු ...

    පොන්නේ මොනවා උනත් එළකිරි ඩයල් එක ...
    2006 දී පොර ගියාට පස්සේ A/L maths section එකම පාලුවට ගිහින් වගේ ...
    අපි ඒ අතින් මාර වාසනාවන්තය් ..

    ReplyDelete
  22. අහ් උබත් අපේ ස්කෝලෙ කොල්ලෙක් වගේ.

    සර් ල දෙන්නම නැද්ද දැන් ස්කොලේ...

    ReplyDelete
  23. @ පිස්සා, අනිවා අනිවා අපිත් කන්ද උඩ ස්කොලේ තමය් ....

    සර්ල දෙන්නම දැන් නෑ බන් .... :(

    ReplyDelete
  24. මොනව උනත් හොඳ ගුරුවරු දෙන්නම...

    ReplyDelete
  25. මුල් එක පට්ට :D

    ReplyDelete
  26. ස්තුතියි ඇවිත් ගියාට

    ReplyDelete

Related Posts with Thumbnails