Thursday, July 7, 2011

දුගී දුප්පත් කුසගින්නේ පසු වූ පොලිසියට ආධාර කරපු අපේ කොල්ලො....

Share
 
ලියන්න කිය කිය ඉන්නව මොනා හරි වෙලාවක් නැති එක තමයි අවුල... අභීත අයියගෙ පොලිස් කතන්දර සැට් එක දැක්කම ලංකාවෙදි අහපු දැක්ක පොලිස් කතා ටිකක් ලියන්න හිතුනා....


අපේ මලයෙක් ඉන්නවා...  මූට 20 ක් විතර වෙන්නෙ.. මුගේ වෙන්න ගෑනි හෙවත් කෙල්ල පොඩ්ඩ 18+  මේ සිද්දිය වෙද්දි. හතර වටින් මුරකාවල් දාල නිසා මුන් දෙන්න හම්බෙන්නෙ සතියකට දවසයි... ඒකත් කෙල්ලගෙ ක්ලාස් එකක් මගදි කට් කරල තමයි... පැය 2ක් විතර.



ඉතින් අපේ කොල්ල කොහොම හරි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඉන්ටර්වල් වෙද්දිම ක්ලාස් එක ගාවට වාහනයක් බස්සල ක්ලාස් ඇරෙන්න විනාඩි 10 - 15 ක් තියෙද්දි ආයෙම දැරිවිව ක්ලාස් එක ගාවට දානව. ඉතින් ඔය කාලෙ ඇතුලත පාරෙ අයිනෙ වාහනෙ නවත්තාගෙන තමයි මුන්ගෙ ලව...

දවසක් මුන් දෙන්න වාහනේට වෙලා කතා කර කර ඉද්දි පොලිස් කාරයෙක් ඇවිල්ල හෙන සද්දයක් දාල... නරක විදියට ඉන්නව අනම් මනම්... ඉතින් මූ කියල

" සර් අපි වැරදි දෙයක් කරේ නැහනේ කතා කරපු එක විතරනේ "  කියලා

ටිකක් බයිල ගහද්දි පොලිස් කාරයා

" හරි එහෙනම් දෙන්නගෙ ගෙවල් වලට දන්නනන් වෙනව කෝ ගන්නව අයිඩෙන්ටි කාර්ඩ් " 


කියල ඒවත් අරන් විස්තර ටික ලියාගෙන...

ඊට පස්සෙ ඉතින් කොල්ලත් බය වෙලා ශේප් වෙන්න කතා කරලා

" එහෙම නෙමේ සර් අපිට ගෙවල් වලින් සීන් ඒකයි මෙහෙම හම්බෙන්නෙ " අනන් මනම්...

ඊට පස්සෙ 


" හරි දැන් තමුසෙ යනවකො... හෙට 2 ට විතර පොලිසියට ඇවිත් මාව හම්බෙනෝ "

කියල මුන්ව යවලා...  



මූත් ඉතින් විස්තර ටිකත් තියෙන නිසා බයටම ගිහින්.. ශේප් එකේ ටෝල්ක් එක දාල...

" හරි හරි ඕයි මම ගෙවල් වලට කියන් නෑ... " 


කියල පොලිස් කාරයත් ශේප් ටෝල්ක් එක දානවලු... දාල 

" මල්ලි මේ ෆොටෝ කොපි වගයක් ගන්න  තියෙනව රුපියල් 500 ක විතර පුලුවන්ද කරල දෙන්න ? "

අපි නොදන්න චෙස් නේ... මූ රුපියල් 500ක් දීල ඇවිල්ල...

" මල්ලි ආයෙ එනවනම් කියපන්... දන්න පොට් තියෙනව කිසි අවුලක් නැති... කෝල් එකක් දීල වරෙන් " කියලා..

මූත්  හරි සර් කියල ඇවිත්...


මොනා උනත් හොඳ පොලිස් කාරය කියල මට හිතුනා ඌ සීන් එක කිව්වම... මොකද ලොකු දතක් ගලවල නැහනේ... හික් හික්


දෙවැනි කතාවත් උගේ ම එකක් තමා.. ඒක උගේ යාලුවෙක්ට වෙච්චි එකක් ඌ හින්දා...

උගේ යාලුව්ක් ඉන්නව නදීර කියලා. ඌ ගාව තියෙනව සෆාරි එහෙම යන ටයිප් එකේ... 4 වීල් ජීප් එකක්. 



පෝය දවසක අපේ මලයයි නදීරයයි ඕකෙන් ගාල්ලෙ කොටුව ඇතුලෙ රවුමක් දාලා... එලවන්නෙ අපේ එකා..ලොවෙත් නැති එලවිලිනේ ලෙසට වංගුවක් ගනිද්දි පොලිස් කාරයො 2ක් බයික් එකකුත් තියන් ඉන්නවලු.. මුගේ වංගුවෙ සැරට උන් දෙන්න හිටි තැනින් ඈතට පැනල බයටම... එහෙව් එලවිල්ල... කොහොමින් හරි පොලිස් කාරයො දෙන්න එලවල මුන්ව... සිද්දිය කියන්නේ අපේ එකාට ලයිසන් නෑ සීන් එක වෙද්දි... ඒ හින්ද මුන් නවත්තන්න කලින් පට ගාල මාරු වෙලා ඒ ක්යන්නෙ නදීරය ඩ්‍රයිවින් සීට් එකට පැනල... පොලිසියෙන් නවත්තල කුනුහරුප විමානයක් ලු...

නදීරය ලොකු වංශෙන් හිටියට පොලිසියට ගූ බයයි.. වදින්නෙ නැති එක විතරලු...



" අද පෝය දවසනේ... හරි පලයල්ල අදට විතරක්... හැබයි යන්න කලින් සීතල යන්න ඇඟ රත්කර ගන්න බොන්න මොනා හරි ගෙනත් දියන් "

" සර් මොනවද.... ම්ම්ම් භාගයක් "

" භාගයක් මොන *** යකෝ... බෝතලයක් ගෙනෙන්... "

පෝය දවසෙ ඇවිදල ඇවිදල කොහොම හරි රුපියල් 1100 කටද කොහෙද ගල් බොතලයක් අරන් ගෙනත් දීල...

" හරි දැන් පලයල්ල.. පරිස්සමට "

කිව්වම නදීරය...
" සර් බයිට් මොකුත් ?? "

අපේ එකා තාමත් කුනුහරුපෙන් බනිනවා මූට
 පොලිස් කාරයොන්ට නියම පල්ලමනෙ කියල හිතෙන්න ඇති..

" අහ් ඔය ඩෙවල් 2 කුයි රෑට් කන්න රයිස් මොනා හරියි ගෙනෙන්කො එහෙනම්... "

මූ බයිට් ඩිනර් එහෙමත් බලෙන්ම ගෙනත් දීල... අන්න කොල්ලො හික් හික්.

ඉතුරු කතා පස්සෙ...

පොලිසියට පෙට්‍රෝල් ගහන්න ආධාර කල හැටි මෙතනින්...



අභීත අයියා හෙවත් පාල අයියගේ පොලිස් කතා මෙතනින්....

14 comments:

  1. අන්න බලන්න පොලොස් මාමලා කොච්චර හොඳද කියලා. ඇයි ඒ වගේ හොඳ මිනිස්සුන්ට මේ රටේ උන් අම්බානෙකට බණීන්නේ? :D

    ReplyDelete
  2. සමහරු නම් කියන්නේ බීඩියක් වගේ දෙයක් උනත් ජරාව විදිහට ගන්න ඉන්දියානු පොලිස් කාරයින්ට වඩා රුපියල් සීයකට වඩා ජරාවක් ඉල්ලන අපේ පොලිය වැදගත් කියලයි . . . හික්ස්

    අහන්න එපා දැන් බීඩිය හරි සීය හරි දෙකම ජරාවනේ . . ජරාව ගන්න එකෙක් කොහොමද වැදගතෙක් වෙන්නේ කියලා හරිය . .

    අපේ රටේ එහෙමයි . . ජරාව ගන්න , නීති කඩන, කුඩු ගෙනවන අය තමයි වැදගත් අය . .

    ලෝකෙන් උතුම් රට ලංකාවයි . . . ලංකාවයි සිරි ලංකාවයි . .

    ReplyDelete
  3. හික් හික්!! කාලෙකට පස්සේ...නියම කතා ටික අයියේ

    ReplyDelete
  4. මටත් දවසක් කිව්වා අහවල් කඩේ ණය පොතට 500ක්වත් දාන්න කියලා ඉරි දෙක කැපුව වරදට!

    ReplyDelete
  5. හෆොයි! සිරා වැඩේ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  6. මරු සිද්දිය... බයිට් එකත් දෙන්න වුණානෙ!

    ReplyDelete
  7. අඩෝ දවසක් මොකක් හරි මගුලකට මාව නැවැත්තුවා. අන්තිමට ඌ ඉල්ලුවෙ බස් අජිත්ගෙ කැසට් එකක් බන්. හික්.. මුලු බම්බලපිටියෙම ඕක හොයාගන්න බැරිව මං අන්තිමට 150/= ක් දීලා ෂේප් වුණා. :(

    ReplyDelete
  8. අඩේ අපිත් පොලිසියට ගිහිං ඔය වගේ හිත හොඳ කොල්ලෝ දෙතුන් දෙනෙක්ව සැට් කොරගත්තනම් මරු....

    ReplyDelete
  9. වෙන්න බෑ වෙන්න බෑ. මේ කියන්නේ අපේ රටේ පොලිස් මාමිලා ගැනද?

    ReplyDelete
  10. ලංකාවේ පොලිසියෙ මිනිස්සු කොච්චර අසරණද. පව් අප්පා ...

    ReplyDelete
  11. නදීරය ඔල්මොරොන්දන් කාරයෙක්ද? බෝතලේ මදිවට බය්ට්....හෙහ්..හෙහ්...හෙහ්...මටත් හිතෙනව පොලිස් කාරයෙක් වුනා නං හොඳය් කියල

    ReplyDelete
  12. අඩේ මේ පෝස්ට් එක දැක්කාම නම් මට පොලීසිය ගැන ආදරයක් ඇතිවෙචචි .. මේ වගේ පොලීසියක් නෙවෙ අපට ඕන ..

    ReplyDelete
  13. කට්ටියටම ස්තුතියි කිව්ව ඇවිත් ගියාට මේ පැත්තෙ....

    ReplyDelete

Related Posts with Thumbnails